Monday, May 4, 2020

~බූලා ඩෙන්ටල් ගිහින්~


ලැජ්ජාවෙන් හිටියත් මං
දැන්නම් නොකියම බෑ මට
දොස්තර නෝනේ මගෙ දත
කකියනවා හොඳ හැටියට

නුනුයි ‍ටු‍ටුයි ඊයෙ ඇවිත්
උන්දැගෙ ඇද ගත්තා නෙව
මගේ කටෙත් විදිහට
නෝනේ ගලවාපන් දත

පොඩි තීරණයක් අරගෙන
ඉන්නව මං පිරිසිදුවට
මින් මනතට රැලෙත් නොයා
නවතින්නයි කල්පනාව

උදේට දත් මදිනවමයි
රෑටත් මැද ගන්නවමයි
කිව්වොත් කිව්වමයි නෝනෙ
මගේ වචන දෙකක් නෑනේ

ඔය සුදු අත් දෙකින් ඉතින්
පරිස්සමට කට අරවලා
කුණු දත ඇදපන් හනිකට
බැරිම තැනයි මේ ආවේ

මං අද මෙහෙ ආව වගක්
කාටත් හෙම කියන්නෙ නෑ
වෙන්නේ වස ලැජ්ජාවයි
රට හැමතැන පතුරවයිනෙ..!

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.