Monday, May 4, 2020

~ඇය~

දෙව්ලිය මෙනේ චාමෙන් පිරි මුව සඟල..
යෙහෙළිය ගුණේ කාටත් වෙනසක් නොකල...
රන්ලිය පිනේ මහිමය දිසි ලෝ සකල..
සිරිලිය දිනේ නුඹ මත රැකෙනා පවුල...

දියණිය වරෙක නිවසම බබළන පහන...
ඇමිණිය සොඳින මුතු ලෙස සුව දිවි ගමන..
පතිණිය නුවන් යුගලෙක පණ ලඟ රැඳුණ...
පැමිණිය සියලු කරදර නුඹ දැක දුවන..

නිම්මා නැති සෙනෙහෙ දරු සුරතල් කරන..
සම්මා සතින් මාපිය ගැන නිති බලන...
පෙම්මා පිරුණු හද සැම සත සුව සදන..
අම්මා නුඹයි ලොව කිරි බිඳුවෙන් තනන...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.