Monday, April 27, 2020

~හකොනෙමිචිකෝ~

දිනක් දෙදිනක් නොවේ
සත් රැයක ලියැවුණු කතාවයි..
නුහුරු නුපුරුදු රටට ඔබ
සමඟ පෙම් බැඳි කතාවයි...
නොම හැඟිමි කුමරුවෙකු වග
දැන ගන්න විට බෝ පමාවයි..
දෑස තෙත් කොට කඳුලු ගැලුවද
දුන්නු මතකය උණුහුමයි...
හකොනෙමිචිකෝ ගමට ආයෙත්
වඩිනු මග තාමත් එමැයි..
එතෙක් මඟ බල බලා ඉන්නෙමි
පමා වෙනු තාමත් කිමැයි..!

~
සුමී සං~

10 comments:

Note: Only a member of this blog may post a comment.