Monday, May 4, 2020

~සක්වාදා (චක්රාවාක) ජාතකය~


කාල වර්ණ තටු සලලා               පියඹන්නේ
හොරෙන් මාළු මස්  උසුලා ගොස්    කන්නේ
විසි කළ මිනී හාරා හොට           ගසමින්නේ
මස්කන කෑදරව කපුටෙක්       වෙසෙමින්නේ

දිනයක විලක් මත්තේ යන              පියඹාලා
දිය බොන ලිහිණියන් යුවලක්      ඇස ගැටිලා
ලස්සන උනුන් දැක ලොකු පැනයක් නැගිලා
සිතුවා විමසන්ට මොහොතක්         නැවතීලා

මෙතරම් කෙලෙස සුන්දර වුයේ      නුඹලා
මා මෙන් මාළු කන්නෙත් නෑනේ සොයලා
මස් මින් බොහෝ කද්දිත් මා      වැහැරීලා
ඔය රුව රහස හනිකට මට       කියපල්ලා

කන්නේ පෙඳ පාසි මිහි මඬලේ         රැඳුන
බොන්නේ විල් දියයි නිල් කැටයට   දිලෙන
සක්වා ලිහිණියන් යැයි අප නම         දරන
අල්පේච්ච දිවි නොවැ මේකට          කියන

සොරකම් නොකර යහපත් දිවි ගත    කරනා
මළකුණු අහර නොම කර මෙත්    පතුරවනා
නිසි ගුණදහම් පුරමින් සිල්වත්         වෙමිනා
සිටිනා කලට රූ සපු වුව හිමි           වෙන්නා

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.