Saturday, July 24, 2021

පුන් සඳ


පායාලා ඔබ දුරින් රැඳී

එළිය දෙන්න සැමදා

දුක් සිසීකඩ විසිකරදා

සිනා වෙමුද රහසින්...


නිති දළුලන මේ අඳුර මැද

ඔබ මට පහනයි සැමදා

සුසුමන් ආවද වැල නොකැඩී

හසරැල් තෙරපා යටලා..


දුඹුලෙක නම් දෙහදක බැඳුම

නොසැලී ඉමි හිත තද කරලා

ඉටු කරමින් නිති ඔබේ වදන්

සඳට මා මහරු වූ නිසා..


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.