Saturday, July 24, 2021

~කළණ මංජරී~


සිත්තම් ගුලෙක සිරකර සිත මනස දෙක..

ගෙත්තම් කලා සතුටින් සැම දින දෙකෙක...

මල්දම් ලෙසින පබඳිමි කවි කැඩපතෙක..

මිතුදම් වටී බරකට මහ ඇත් රජෙක...


හරි දේ හරි ලෙසත් වරදට මඟ ඇහිරූ..

රණ සේ දියෙන් කිරි වෙන් කරනා අයුරූ...

බොහොදේ කියාදී නොසැඟවු ගුණ මහරූ..

මිණි සේ වේය නුඹ හැර මට වෙන කවුරූ...


කවියෙකි කොනෙක දෑසකි දිවි එළි කරලූ..

චමියෙකි තැනෙක පසනෙකි පාලුව දුරලූ...

අරියෙකි රෝසියෙකි දුල තිලකය බඳු ලූ..

සචියෙකි නැවුම් කුසුමෙකි ඉසුරින් වටලූ...


~ගයනි~

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.