කෝවිදයා ඇවිත් කල හදි රෑණ මැද
පුද්ගලයා තවත් ඉසි වෙර පොඳිම බැඳ
අසරණයා සිටිත් මුල්ලෙක සයින් වැද
බුදු බණයා ඇසෙත්! බිහිරට වැඩක් වෙද
ගැටලුව තම නොවන තෙක් පිළිතුරු එමටයි
පැටලුව සියලු දේ ලෝ දහමට උරුමයි
පැවසුව හැකිය බෝ දේ එනමුදු නිහඬයි
නොබිනුව හොඳයි සැඟවී ඇති දෑ බොහොමයි
මුදලේ වරුණ ගැන පුරසාරම් මොටද
ඇඟ ලේ හුස්ම වගෙ එහි මොන බලයක්ද
මතුලේ නිරතුරුම ජයකණු ගැන නොවෙද
මෙකලේ විඳින එකලේ කල කම් නේද
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.