Thursday, May 20, 2021

මතක මල්

 සොයනෙමි මනැස් පිටු අතර

ඔබ කියන දෑ නිරතුරුවම...

කියවමි ඔබ එවන දෑ

අකුරෙන් අකුර අසීරුවට හෙමින් 

අමුණන සෙනෙහසේ නූල් පොටින්..

මගෙ මැණික යැයි ඔබ අමතයි

මා හද මල් පිපී සුවඳ උතුරායයි...

මතක පොත මත එකිනෙක අතුරමි

ආයෙ ආයෙම සිඹිනු රිසියෙන්..

සොය සොයා ඒ අසෙනි මල්

ඔබේ අසිරි මහ වරුසා මැද

අතොර නැතුවම මහද පතිත වූ...




No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.