
ගල් ගැහි සැම සිත් දෙවි නැති කර දැම්මා...
ඇල් නල රැල් මැද තාමත් හිස නම්මා..
මල් ගවසා හිස හිනැහෙන් තංගම්මා...
වැසි ඇද හැලෙනා මොර සූරන සේමා..
කිසි කලබල නැති නෙතු පොළොවට නම්මා...
පිසි මුං බත රඹ පත ඔතලා පෙම්මා..
ලැසි ගමනේ කෝව්ල් යන තංගම්මා...
නැහි නැහි වම්බොටු කොටුවේ දිය දැම්මා..
ලහි ලහියට තල් කිරි ගෙන ඒ දැම්මා...
පැහි කෙස් රැළි අතරින් දා බිඳු දැම්මා..
මිහි බට දෙවඟන නුඹ මට තංගම්මා...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.