සද්දම් ඇසෙද්දිත් දල සිත සැලෙන හැටී
කෙළෙස මරු මරම් මම් මෝහයෙහි ගැටී
පෙම්බර සිතුම් තණ්හා මුල් වලින් වැටී
ලයේ ඇවිලු සෙනෙහස කවි කෙරුම වටී
මහද මරා රහසින් පව් සපුරමිනී
"නොකෙලෙමි කිසිත්" මුස බස් දෙන දන විළිනී
සියොලඟ අපර කොටහම ලෝකයට වැනී
වැල්ලේ සිරස සඟවන පැස්බරුන් මෙනී
නොම සන්සිඳෙන පවසට සිදු කරදියට
කළ හැකි දේ කිමද එහි දිය දෝතකට
දිවි කතරේදි මන වියැළෙන සරතැසට
පෙම් දිය උනන දිය උල්පත නුඹ මෙමට
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.