Monday, May 4, 2020

~කලියුගයේ අවනඩුව~


When Strong Women Cry | Danielle Mathieson Pederson
අරුම පුදුම නීතිරීති එකිනෙකාට වෙනස් වේ
සුදු දෝණිලා වැරදි කරත් එතරම් ලොකු නොවේ
ගමේ අප්පගේ දුවලට සදාචාරෙ හරස් වේ
නැති වුණු දී කිරට බළල් රැළ උසාවි කූඩුවේ

බළල් රැළට අමතක වුණ එක කරුණක් මට පෙනේ
තමන් දාව දූවරු ගෙයි ඇති බව  සිහි නැති වුණේ
හැම දියණිම එක බව මහතුන් ගොඩකට පැටලුණේ
හැමදා ඔය කෙළියට ආයුෂ අඩු බව දිස් වුණේ

සුදු දොණිට ඩැඩී ගාණෙ ඉහළින් දෑ ඉටු වුණේ
ඕනි ඕනි දේ එයාට කැමති ලෙසට සිදු වුණේ
කන්න ඕනෙ වුණාම කබරුත් තලගොයි වාගෙනේ
ඔන්න ඔහොම තමයි එකෝමත් එක රට පාලනේ

හක්කේ බණ බොක්කේ දඩමස් වල ගඳ පැතිරුණේ
ටයි පටි බැඳ මුදල් නෝට්ටුව කර ගෙන වාහනේ
ගෑණුත් තව ගෑණියෙකුට බොරු ගෙතුමනෙ කාරණේ
මේවට උත්තර ඇත්තේ ඔබ ලඟමයි දෙවියනේ..!

සදාකාලෙටම මේ එක ජීවිතයි සිතුණිදෝ
හෙට ඊලඟ තත්පරයේ මැරෙද කවුරු දනීදෝ
කිව් ලෙස මග පල ඇත්නම් උනුන් පාප පුරයිදෝ
මිහිකත  නුහුලන පව්  කෙලෙස බලන් සිටුමුදෝ

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.