Monday, May 4, 2020

~නිබ්බිදාව~


සොබාදහම නම් ආකර්ශණීය මැයි. එය පරිත්යාගශීලී වේ. කරුණාවන්ත වේ. ඉවසනසුලු වේ. අහංකාර නොවේ. නපුරු නොවේ. වංචාකාර නොවේ. පාරට්ටු කර නොගනී. කළගුණ දනී. ආදරණීයම වේ. නම් දෙවියන්ම සේයැයි සිතිවිල්ලක් උපදී. තව තව උපදී. අහෝ උපදින සිතිවිලි සමුදාය..! ඇසි පියල්ලෙක සැණින් කෙල කෝටියකිපරිසරය...සංසාරය...මම... සොයන්නට හඟිමි. සම්මුතිය...පරමාර්ථය...ආර්ය.., යන තුන්කොන් සත අතර සැරි සරමි. නිරන්තරයෙන් බිඳි බිඳී නැවත සැකසෙන තරංග ගුලි මෙන් නලියන..! වෙනස් වන, දුක දනවන, තමන්ගේ නොවන මායාව ගං දිය රැළි අතරින් හෝ දකින්නට මනස වෙහෙසවූයෙමි. අලුයම පටන් හිමිදිරිය තෙක් ලැබූ අනගි අවකාශයෙන් ඵල නෙලාගනුවස් ගලා ඇදෙන ජල තරංග දෙස නිසොල්මනේ විදසුනෙන් බලා සිටින්නට අසීමිතව වෑයම් කෙළෙමි. කෙළෙස් තට්ටු තට්ටු...අනන්ත සසර... නිබ්බිදාව..! තාමත් හරිහැටි නොදුටුවද කෙදිනක හෝ මියෙන්නට ප්රථම දකිමි!!! වේගය නවත්වමි. කළණ මිතුර, ඔබ දුටුවොත් මට පළමු, ඉඳින් ගැන එසැණින්ම නොවළහා කියනු මැනවි...එදවස උපතිස්ස කෝළිත සේ...


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.