Wednesday, May 13, 2020

~කඩදාසි කුමාරි~

රණ්ඩු කෙක්කකි
චණ්ඩි කෙල්ලෙකි
කිව්වොතින් එක දෙයක්
කිව්වමයි තමයි නිති
මුරණ්ඩුයි දරදඬුයි
ඒ පිටින් විතරමයි
දේදුන්නෙ පාට ටික
විහිදෙන්නෙ හිත මැද්දෙ
දුකේදී සැපේදී
ලඟ හිටිය මතක ඇති
හරිම පොඩියට ඉඳන්
සද්ද නෑ වැඩ පමණි
කොහෙන් ආවද මන්දා
අපේ මැද්දට සුද්දි
ඇතුව බැරි නැතුව බැරි
රූ බරී.. හැල ගෙම්ඹි..!
ඒත් නුඹ නැති තැනේ
අපිට අඩුවක් දැනේ
බැඳීමක් එක්ක අපෙ
ආදරෙත් නුඹට හිමි ❤


1 comment:

Note: Only a member of this blog may post a comment.