Monday, May 11, 2020

ගෙන්දගම් කල්‍යාණි




කාලෙකින් දකින්නට          ආවේ නොඉවසිල්ලෙන්
විඳින්නට සුදු මූණ
ඇඳිරිනීතිය මැදින්
ලැබුණු ඒ ඉසිඹුවෙන්..
කුලගෙදර මව් බිරිය
ඒ තමයි අග රැජිණ
ඈ නිවසෙ මං හවස
එනකම්ම මඟ බලන..
ඒත් නුඹ සුරතලී
කන්තෝරුවේ මගේ
ලිපි ගොනුව අරන් එන
කෝලමට දඟපාන..
සතර අත විහිදගිය
අන් වහලියන් අතර
කල්‍යාණි නුඹ මෙමට
වසර ගාණක් තිස්සෙ
විස්වාසයෙන් මගේ
රැකියා පහසු කරන..
උඹේ උණුහුම විඳිමි
ගෙදර අග රජුත් වෙමි
මට ඕනෙ විදිහටයි
මමය! මගෙ! මටය! සැම..


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.