Sunday, May 24, 2020

~අබුදස්ස කාලේ~

පැළයක් නොඉඳ කොහොමද ඒ ගැන දන්නේ
පොළොවේ පය නොගා කොහොමද ඇවිදින්නේ
පස් වල පාට සුවඳක් ගැන නෑ දන්නේ
හද කළකිරෙනවා ඇර නෑ දොස් දෙන්නේ

පරිඝණකේ බලාගෙන පැළ හිටවනවා
මඩ ඇති දෙපා ඇත්තට පාඩම් දෙනවා
කොහොමත් උදලු කැති අත හුරු උදේ හවා
නෑඹුල් පස් සොයා උන් බිම පෙරළනවා

මෙහෙම ගියොත් උන්දැල එන හෙට දින්නේ
මව්කිරි මොනවදෝ කියලත් විමසයිනේ
ගහේ කොළේ කිසි දේ ගැන නොම දන්නේ
එහෙව් රටේ හෙට ගැන නොම විමසන්නේ



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.