Monday, May 4, 2020

~මනමාල පස්කඳ~


විසුල පිනි හා මළ දිය වෙන ගඟුල සේ හැම       තෙත දරන්නෙමි
ඇවිල යන හොඳ දෑ සේම රුදු දෑ එතෙද සේ           ඉවසගන්නෙමි
උසුල සිටි සුගඳ දුගඳ මාරුතය සේ මුණිවත              රකින්නෙමි
කසළ නිකසළ දෙකම මුසුවන පොළොව සේ නොසැලී හිඳින්නෙමි

දවන ගත සිත කම් සැපෙහි රස අසුරු සැණයෙක සුව    පමණමැයි
දුවන පස් කඳ හොරෙන් දස අත දිස් කළේ මට         අනියතමමැයි
දෙසුන බණ දැන දැනත් යළි නිම්මානරතියක්           පතනු කිමදැයි
දිලෙන සද්දම් එළිය වැඩි, පහන් සිල යන්නේ         නිමෙන්නයි

නිති දිරින් නෙතු යොමා ගෙන නිල් කිරණ දස අත පතුරවන්නට
නිලඹරින් මහනෙල් මලින් පෙර නීල කසිනය     මතු කරන්නට
මෙසසරින් සැඟවී යටව ගිය කුසල් මුල් යළි         ලියලවන්නට
ගිනි අරන් හිස..! දුටිද හිමියනි පමා කිම යමු        නිමා ගන්නට



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.