Monday, May 4, 2020

~සිරි දෙව් දුව හා විෂ්ණු දෙවි~


පියුමන් පෙති පිපෙනා මෙනි දළු පා යුග තබනා
නලවා ඉඟ ලෙළදේ සිරි කොමලින් පා ගමනා
කිරියෙන් පෙරු ලෙසිනා ඡවි සඳ රෑ පරදවනා
සිරි දේවිය පතිඳුන් ලෙස දෙවිඳුන් විසු පතනා

සිරි රන් ලිය කුලයෙන් පති සතුටින් ගෙට වඩිනා
රුසිරින් පිරි සකලින් සැප ලකුණින් ඉඟි කරනා
ඉතිරෙන් පෙම යනෙනා තැන උරයෙන් ඇය දරනා
සිරි දියණිට සුපෙමෙන් හිඳි දෙවියන් අද කොතැනා

Sunday Lankadeepa

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.