Monday, May 4, 2020

~විස්සෝපය~


The First Step in Recovering From a Breakup: Validation - Growing ... සිසිල දුන් සඳම දිය කඳ මිදුවාදෝ...
ගිම් නිවූ සුලඟ සැඩ වී හැමුවාදෝ...
පිපාසය සිඳූ ගඟ ගොඩ ගැලුවාදෝ...
මල් ඇහැරවූ හිරු වනපෙත දැවුවාදෝ...

වෙහෙරක් වගේ පෙමකට ගරහනු කව්ද...
සෙනෙහස තිබෙන තැන සලෙලුකමක් කොයිද...
පොරොන්දුවක් නම් ඉටු කළ යුතු නොවෙද...
කාලය ගෙවෙයි කවුරුත් තිරිහන් වේද...

අනියතයි තමයි හැම බැව් සත්තයි...
පුහුදුන් සතම අසරණ ගෙවනුයෙ දුකමයි...
බුදු බණ වගෙම කිතුදම් ඔවදන් සැබැමයි...
සතුරා සිටින්නේ එළියේ නොව ගෙයිමැයි...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.