Monday, May 4, 2020

~සිරී වීරේ දෙමල් දෙන්නා~


පිරී ඉතිරී කුරුල්ලෝ දෙසවනම පුරවයි තටුසලා...
වැරී ගිය නෙත් වලින් සීයත්තම්ම ඇත මානය බලා...
බැරී බේරණු කොලු කුරුට්ටෝ නිතර ගහ උඩ ගෙඩි නෙලා...
සිරීගෙයි වීරෙගෙයි මිදුලේ උගුරැස්ස ගහ පීදිලා...

රතට ඉදිලා මිහිරි සුමිහිරි ගහේ ගෙඩි පංකාදුමයි...
ගමට තියෙනව එපා කලබල සිරී කිව්වේ හොඳින්මයි...
ගහට නගිනව කොල්ලො හිතුමත අත්ත කැඩුනොත් විනාසයි...
බයට වීරේ "එපා නගිනට එපා නගිනට" කෑ ගසයි...

අසල්වැසි සැම හා සුහද කරුණාව පෙරදැරි කොටගෙනා...
බළල් නයිදේ හා සියලු සත වෙත එකම පෙම පුද දෙනා...
මහල් නැතුවට නිවස තුල සොම්නසේ දිය නිති දැල්වෙනා...
දෙමල් දෙන්නා "සිරී වීරේ" වීර පෙදෙසේ රජවෙනා...



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.