Sunday, May 24, 2020

~අබුදස්ස කාලේ~

පැළයක් නොඉඳ කොහොමද ඒ ගැන දන්නේ
පොළොවේ පය නොගා කොහොමද ඇවිදින්නේ
පස් වල පාට සුවඳක් ගැන නෑ දන්නේ
හද කළකිරෙනවා ඇර නෑ දොස් දෙන්නේ

පරිඝණකේ බලාගෙන පැළ හිටවනවා
මඩ ඇති දෙපා ඇත්තට පාඩම් දෙනවා
කොහොමත් උදලු කැති අත හුරු උදේ හවා
නෑඹුල් පස් සොයා උන් බිම පෙරළනවා

මෙහෙම ගියොත් උන්දැල එන හෙට දින්නේ
මව්කිරි මොනවදෝ කියලත් විමසයිනේ
ගහේ කොළේ කිසි දේ ගැන නොම දන්නේ
එහෙව් රටේ හෙට ගැන නොම විමසන්නේ



Wednesday, May 13, 2020

~කඩදාසි කුමාරි~

රණ්ඩු කෙක්කකි
චණ්ඩි කෙල්ලෙකි
කිව්වොතින් එක දෙයක්
කිව්වමයි තමයි නිති
මුරණ්ඩුයි දරදඬුයි
ඒ පිටින් විතරමයි
දේදුන්නෙ පාට ටික
විහිදෙන්නෙ හිත මැද්දෙ
දුකේදී සැපේදී
ලඟ හිටිය මතක ඇති
හරිම පොඩියට ඉඳන්
සද්ද නෑ වැඩ පමණි
කොහෙන් ආවද මන්දා
අපේ මැද්දට සුද්දි
ඇතුව බැරි නැතුව බැරි
රූ බරී.. හැල ගෙම්ඹි..!
ඒත් නුඹ නැති තැනේ
අපිට අඩුවක් දැනේ
බැඳීමක් එක්ක අපෙ
ආදරෙත් නුඹට හිමි ❤


Monday, May 11, 2020

ගෙන්දගම් කල්‍යාණි




කාලෙකින් දකින්නට          ආවේ නොඉවසිල්ලෙන්
විඳින්නට සුදු මූණ
ඇඳිරිනීතිය මැදින්
ලැබුණු ඒ ඉසිඹුවෙන්..
කුලගෙදර මව් බිරිය
ඒ තමයි අග රැජිණ
ඈ නිවසෙ මං හවස
එනකම්ම මඟ බලන..
ඒත් නුඹ සුරතලී
කන්තෝරුවේ මගේ
ලිපි ගොනුව අරන් එන
කෝලමට දඟපාන..
සතර අත විහිදගිය
අන් වහලියන් අතර
කල්‍යාණි නුඹ මෙමට
වසර ගාණක් තිස්සෙ
විස්වාසයෙන් මගේ
රැකියා පහසු කරන..
උඹේ උණුහුම විඳිමි
ගෙදර අග රජුත් වෙමි
මට ඕනෙ විදිහටයි
මමය! මගෙ! මටය! සැම..


💔



Monday, May 4, 2020

~ මරු මුල ~ (දොධක විරිත)


රස බන්දා ගෙනැර පෑ වින්දා මිහිර දිව අග         යවුල්
ඔප වද්දා ඉන්ද්රප දුනු විද්දා පැහැය නෙතු මුලා  වැල්
සැප රන්දා උණුහුමට ලද්දා පහස ගත පෙළන     උල්
යස කැන්දා නොලස මන නන්දා සතර අත මර උගුල්

නද දුන්නා ගිගිණි මිණි වීණා සවන වට  අඳෝනා
හද අදිනා සුවඳ නා මානා වරෙක         අපුලනා
වද දෙන්නා සතුට පා නානා නිතින සත  රවටනා
යුධ වදිනා නැණින් කඩු මානා සීලයේ කල  එනා

පෙර ගේනා පිනින් නොපමාවෙන් දහම් පැන් තොල ගගා
දී දානා පුරා සිල් බවුමන් වඩා දැන                    මරු වගා
යළි නේනා ලෙසේ දුක් සසරින් එගොඩවෙම්    හඬ නඟා
සුව දේනා නිවන ප්ර්ඥාවෙන් සොයන් ගෙන     බුදු මගා

Mahamevnawa Sadaham Library: August 2013

කිමද..?


සුසුදු වත නම්මාන මා හද සියල් දෑ     සුරතින්                බදා
සැකදු නැත නිම්මා නොමැත පෙම රුහිරු මඬලට ඇත  කිඳා
දෙවිඳු නුඹ නිම්මාන රතියේ අමා සුව           පතනා         සදා
ගිජිඳු ලෙස කිම්මා කිපුණු මද අස්වැසුම         උගහට    මෙදා