Friday, April 17, 2020

~ මනා ලිය ~


~ මනා ලිය ~

මැදුරින් සඳ තලයෙන් බට සුරඟුන් මන බැන්දූ
රුසිරින් දිසි තරු මෙන් දිලි අන්තපුර ලන්දූ
ඉසුරින් සැදි යසසින් දිවි ගෙවනා පින ලද්දූ
අදරින් පෙම් ‍රැඟුමින් හද බැඳගෙන මන බැන්දූ

කැකුළින් කොඳ සුවඳින් මල් සැරසී රෑ කාලේ
කොමළින් සොඳ සුඟුරෙන් සඳ කුමරුට බැඳි ආලේ
මඬලින් හිරු උදයෙන් පෙති වැටිලා යන තාලේ
කඳුලින් බර සුසුමෙන් පිරි අනියත දිවි දෑලේ

පැදුරින් බිම නොවැටෙයි කහවණු බෝ නැති උන්නේ
ගැඹරින් බැඳි සෙනෙහෙයි කැණි මඬලට සවි දුන්නේ
කුමරින් මැද රැජිණයි! වෙනු වඩා රජුගෙ සෙවණේ
සසරින් පැතු හිමියයි, එක ගෙවිලිය වනු අගනේ 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.