Friday, April 17, 2020

අවන්හලක හෝරාවක්..!


නිල් රතු කහ විදුලි පහන් කණාමැදිරි එළි වගේ නිවි නිවී පත්තු වෙන අවට පරිසරය අඩ අඳුරුයි. නානාවිධ හීන් සුවඳ මුසු වාතය නාස් පුඩු අග ගෑවි නොගෑවී හමායයි. "ඉතා මිල අධික සුවඳ විලවුන්" මගේ මනස මට කියයි. මා කැටුව පැමිණි මගේ මිතුරන් සතුටින් හා කෙළිදෙලෙන් ඉතා අලංකාර රංගනයන්හි යෙදෙනු මට පෙනේ. මට හිතවත් මගේ ආදරණීය සගයින්..! ඔවුන්ගේ ඇසුර හුදෙකලා මට %Sතිය ගෙනේ. ටාං ටීං හඬින් සව්දිය පුරන නානාප%කාර තරාතිරම්වල, වයස් පරතර වල ගැහැණු පිරිමි සහ ඊයේ පෙරේදා පාසල් කාලය හමාර කලායැයි සිතිය හැකි යෞවන යෞවනියන්ගේ කොක්හඬලෑම්වලින් මුලු සමාජ ශාලාවම අඩක් පමණ පිරී ගොසිනි. වේලාව රාතS% දහය හමාර වී මිනිත්තු කීපයක් ගෙවී තිබුණි. මාගේ යාලුවන් සමඟ එකතුව මිලදී ගත් දෙහි මිශ% සෝඩා වීදුරුව තොලගාමින් සිටි මට මෙසේ සිතුණේ "මේ කව්ද.. මොනවද කරන්නේ..?".

අඬ අඳුර මහා ගුප්ත බවක් ගෙන දේ. එය ඇතැම්විට සතH වසන් කරන්නට රුකුලක් දෙනු ඇත. මගේ වම් පසින් ශාලාවේ කොනේ රුසිරු ලියක් නිසොල්මනේ බලා සිටිනු පෙනේ. ඇගේ රුසුරු වත සැබැවින්ම සිත් ඇදගන්නා සුලුය. මගේ දෑස ඇගේ දෑස හා ගැටුණු සැණින් මාගේ මනසේ එක්ස් රේ යන්ත% වහා %sයාත්මකවිණි. වත දිදුලද ඇගේ දෙබැමට යටින් ඇති මුදු දෑස් මැළවිලාය. ඒවා සුදුමැලිය. ඇගේ සිරුරේ රුධිරය නොගලන්නේද? නැතිනම් විසින් හුදෙක් සුදුමැලිබවම ‍තෝරාගෙනද? ඇය කෙසේනම් ජීවත් වන්නේද? ඇවිදින මළසිරුරක්..? නැත එය එසේ විය නොහැක. දණක් මත දණක් හොවා දෑත් යුගල මත බැඳ සිය අත් බෑගයද උකුලෙම රඳවා තබා ගනිමින් කවුරුන් හෝ එනතෙක් මෙන් දිගටම බලා සිටියාය. ඇගේ ඉදිරියේ ඇති මේසය හිස්ය. මා මෙන් දෙහි මුසු සෝඩා ඇණවුම් කොට නොතිබිණි. වෙත රහසින් බැලුම් හෙළන යමෙක් මගේ නෙත ගැටුණේ අහම්බෙනි. ඔහු විනාඩියකට අඩි පහක් පමණ බැගින් කෙමෙන් කෙමෙන් වෙත ලංවෙමින් %ධාන දොරටුව හා බැඳි බිත්තිය දිගේ හොරගල් ඇහිලුවේය. ඔහුනම් හැබෑම සිතS%ලෝලියෙකු ගානය. මම ඉවත බලා ගතිමි.

සමාජය යනු කුමක්ද? එය හුදෙක් මිනිස් ගහණයමයැයි මට සිතිණි. ජීවිතය යනු කුමක්ද? මීට අර්ථකථන දෙන්නට සදාචාර සේලයෙන් වැසුණු දැඩි නිශ්චයන්, උසස් අධHdපනය, උපාධි, තනතුරු තාන්නමාන්න, බාහිර කටයුතූන්හි %sයාකාරි සාමාජිකත්වයන්, උසස් කුල පරම්පරා ¾වයන්, අන්තගාමී ලෙස නොයෙකුත් දෘෂ්ටින්ට වහල් ධා¾මික උතුරුසලු, කෙනෙකුට අතHවශHම වන්නේද? රාහුල මහ තෙරුන් වහන්සේ සත් අවුරුදු වයසේදී උතුම් සෝතාපත්තියෙන් සපිරුණසේක. චණ්ඩාශෝකයන් ¾udශෝකයන් බවට පත් කලේ කුඩා රහතුන් වහන්සේ නමකි. රුසියාවේ මහා දා¾ශනික ගත්කරු මැක්සිම් ගෝ¾කි එදා කම්කරුවෙකි. එදිනෙදා ජීවිතයේ ගතවූ සෑම තත්පරයක්ම ඔහුට විශ්ව විද්යාලයක නිමේෂයන් විය. ඔහු කී පරිදි ජීවිතය දකින්නට කිසිදු වැටුපක් තානාන්තරයක් නො ඉල්ලා දෙන අම්මගේ කිරි බිඳුවත් හැමදාම උදේට දිනක් නොවරදවා  කිසිම අතිකාල දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමකට උද්ඝෝෂණය නොකර පායන හිරුගේරැස් මාලාවත් සෑහේය. සමාජය සිටින්නේ සමාජශාලාවක් ඇතුළේ විතරමද? මෙහි යන එන්නවුන් පමණක්ම සමාජයට අයිතිද? එසේ බැලූ කල මටනම් මේ ශාලාවෙන් එපිටත් මුලු ලොවමත් එකම සමාජශාලාවෙකි.

මාගේ මිතුරන් තාමත් S%තියෙන් නටනු පෙනේ. කැරකෙන කහ රතු නිල් කොළ දම් එළි වලින් සුසැදි කණාමැදිරි රාතS%යකි.  වේග රිද්ම සංගීතය හා ගැයෙන ඉංගS%සි ගායනා වල තාලයට අතේරැඳි මුධුපානය මේසය මත මදකට ගිමන් හැරීමට ඉඩහැර ඇතැමෙකු නැගිට රඟනු පෙනේ. "Im stressed Rosheni. It was a hectic day. I also need a “me time” and for independent women...”, ලෙසින් එක කාන්තාවක් ඇගේ අනෙක්පසින් වාඩිවී සිටින ඇගේ යෙහෙලියට පවසමින් සව්දිය පුරයි. ආතතිය සිඳලන මටවන් සොඳුරු හුදෙකලාව නම් සැබැවින්ම මෙයද.. සැණෙකින් මාහට යමක් සිහි වී මගේ වම්පසට නෙත් යොමුවුණේ ඉබේටමය. එකත්පසව උන් රූමත් ලඳ..! එතැන නැත. කොතැනකට වහන් වීද? "මේ ආලවන්ත වීදියේ.." අමරසිරි පීරිස්ගේ ගීයක වදන් පෙළක් මගේ ඇතුළාන්තයේරැව්දිණි.  ආලවන්ත වීදියේ සැඟව ගොසිනි හෝ සොරාගෙන ගොස් තිබිණි.

f%aමය ඉවසිලිවන්තය. කරුණාවන්තය. එය පාරට්ටු කරන්නේ නැත. වංචා කරන්නේ නැත. මිනිසා කෙරෙහි වු අප%මාණ අනුකම්පාවෙන් දෙසුනු උත්තරීතර මනුෂH පුත%යෙකු වූ යේසුස් වහන්සේගේ ආදරණීය ඉගැන්වුම්ය. යේසුස් වහන්සේම දෙවියන් වහන්සේ වූ සේක. මිනිසා විසින් ගල් ගසනු ලද්දාවූ ස්ත%s මුදා ගනිමින් උන්වහන්සේ කිව්වේ පාපයක් කිසිදා නොකලෙක්වේනම් ඇයට දඬුවම් කරන ලෙසටය. ගල් ගැසු සියල්ල පසු බා සීරුවට ඉවත්ව ගියේ උන් සැවොම වරෙකවත් අඳුරේ හා යහන් ගත වූ නිසායැයි කියවූ මට හැඟිණි. එදා අඩු තරමින් උන් පසු බෑහ. අද එසේ වන්නේද නැත.

සතර ¾ මා¾ගයෝ මිනිසා උතුම් නි¾වාණය කරාරැගෙන යනු ඇත. සම්මා සම්බුදුන් වහන්සේගේ බුදු වදන වන සේක. හුස්ම ගන්නාවූ පෘත.ac සියල්ලෝ කෙළෙස් ගුලි වන්නෝය. නිරන්තරයෙන් වෙනස් වෙන තරංග ගුලිවන් ජීවිහු යමක් ඇතැයි සිතමින් සියල්ල භයින් බදා ගනිති. සියලු පාපයන්ට හෝ බල අධිකාරීනට ඉඩ සකසා ගනුවස් සංස්කෘතික කොටු, ආගමික කොටු, තානාන්තර කොටු, කුල පරම්පරා කොටු, තනා ගනිමින් එය එසේ අවසානයේ සවිමත්යැයි සිතන දුබල මිනිසා විසින් අනෙක් දුබල මිනිසාම පෙළනු ලැබේ. වේදනාවම සතුටක් ලෙසින්ද සතුටම වේදනාවක් ලෙසින්ද ගෙන වහලුන් සේ මාර මායා දැලේ සිරවූ මේ දුබල මිනිසා බුදුබණ නිරතුරුවම ඇසෙන රටේද ජීවත් වෙති. ඔවුනට බුදුන් වහන්සේ හරිහැටි මතකයක නැත. යේසුස් වහන්සේ දෙසූ f%aමය බයිබලයේ හිරවී පණ අදිමින් සිටී. ගෝ¾කි සිතූ හැටියට නම් ගැහැණිය මෙලොව කිරි බිඳුවෙන් තනන අම්මාය. බුදු රදුන් විසින් මුදාහැරුණු මෛත%sයත් යේසුස් පැතිරූ f%aමයත් ඇතැම් විට අන්තŠපුර පිරිවැරූ රජුන්ට වඩා බතක් සරි කරන්නට ඈත වියළිබිමක පස් පෙරළන ගොවිරාළ කෙනෙකු ලඟ තිබී ගැහැණියකුට හමුවනු ඇත. එවැන්නෙකුට දිවි හිමියෙන් කැපවීම අවසන ගැහැණියෙකුට ගරු කටයුතු වන්නේමය. ඔහු පණමෙන් රකිනු ඇත. පූජාවක් මෙන් සළකනු ඇත. ඔහුට අන්තපුර නැත. ජීවිතයේ තමාටම වූ නිෂයන් නැත. හා දිවිය ඔහුට "අපි". අල්පේච්ඡ දිවියේ හැබෑ ගැහැණියකුට මේ හැර අවශH තව වෙන මොනවාද.. මා දුටු රුසිරු ලඳ ගැන මට සැණෙකින් දුකක් සිතුණි.

දකුණුපස මදක් දුරට වන්නට සැහැල්ලුවෙන් රඟන මාගේ යහලු යෙහෙළියන්ගේ සිනා හඬින් මා සිටි සිතිවිලි සමුදායෙන් නැවතත් මදකට ඉවත් වීමි. උන්ගේ සතුට මට මදකට අස්වැසිල්ලක් සමඟ හීන් සැනසිල්ලක් ගෙනදිණි. මම උන් දෙස බලා මද සිනා පෑවෙමි. දෙහි මුසු සෝඩා වීදුරුවේ අයිස් කැට සියල්ලම පාහේ දියවී ගොස්ය. එහි මට නීරස ඇඹුලක් දැණිනි.

-~~~~~~~-

2 comments:

Note: Only a member of this blog may post a comment.