ආලෙන් පිරුණු හිත හන්දා මං පැටියේ
බාලෙන් ඉඳන් නුඹ හා කුළගෙට වැදියේ
කෝළෙන් පිරුණු මයෙ මුව පුන්සඳ සැටියේ
ලීලෙන් කියා පෑ හස අදටත් සිහියේ
රන්වන් වදන් මගෙ සවණත නෙක රන්දා
මටවන් නුඹ, කව්ද යන රහසේ කැන්දා
තෙරුවන් බෙලෙන් දිවි ආම්බර කළ හන්දා
රුපුවන් ලෙස කෙළෙස අඬ පාමුද මන්දා
උණු පැන් පොද හරිග්ගස්සා ලහි ලහියේ
නහවා හිඳ සුවඳ ලා ගත කිටි කිටියේ
තම්බා සොඳ බතින් කාගෙන එක සැළියේ
සිටියා වෙද, කිමද දුර වැද හිටි හැටියේ
මුවගින් නුඹේ නිති දම් පද ගැලු හන්දා
සිතගින් මමත් බවුමන් වැඩුවද මන්දා
දුකගින් ගෙවන දිවි අනියත බව රන්දා
ඉවගින් වගේ නුඹගෙන් මං අත්වින්දා
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.