Saturday, April 25, 2020

~ නත්තල් සීයා ~


එක පාරට කඩා හැලුණු දුරුත්තේ කෝඩෙට රන්මල් අතේ තිබ්බ පොත් දෙකතුනයි ලෙක්චර් නෝට්ස් ටිකයි තෙත් වුණා. හීන් පුලුන් කැබිලිති වගේ වැටුණු සිනිඳු වතුර බිඳිති ඔහු දෑතින් පිස දැම්මේ හිතේ බරකින්.
"මං මොකද කරන්නේ..?"

රන්මල් තනියම කල්පනා කර කර කැළණි සරසවියේ තෙල් බැම්ම ලඟින් වැටුණු පාර දිගේ මහපාර දෙසට පිය මැන්නේ ඉක්මනට බෝඩිං කාමරයට රිංගා ගන්න අටියෙන්.
"රුක්ෂාන්ගෙ යෝජනාව පිළිගන්නවාද නැද්ද..මං මොකද හෙට කරන්නේ..?". 

රන්මල්ගේ හිසට හීන් කකියන ගතියක් දැණුනෙන් ඔහු සිය අඩිය ඉක්මන් කරා. උදේ දේශනය අවසන් වුණාට පස්සෙ දවල් එකට ඉන්නෙ නෑ කියලා ඔහු තීරණය කලේ රුක්ෂාන්ගෙන් රන්මල්ට ලැබුණු දුරකතන  ඇමතුමත් එක්ක. ගම්පහ බණ්ඩාරනායකයේ එකට ඉගෙන ගෙන පුංචි සන්දියේ ඉඳන්ම රන්මල්ගෙ ගජයා වුණේ රොෂාන්. රන්මල් වගේ සරසවි වරම් නොලද රොෂාන් දෙපාරක් උසස්පෙළ නොලියා පෞදිගලික රක්ෂණ සමාගමක අලෙවි අංශයේරැකියාවකට බැඳුණා. රන්මල් විශ්ව විද්යාල %වේශය ලබා වැඩිදුර අධHdපනයට යොමුවුණා. ඉස්කෝලෙන් පස්සෙ දෙපැත්තකට වුණත් රන්මල් රොෂාන් යාලුකම එක බිංඳුවකින් අඩුවුණේ නෑ. "කටස්" යන හඬින් දොරගුලු විවර කරපු රන්මල් බෝඩිං කාමරයට වැදිලා පොත්ටික මේසෙ උඩට වීසිකරලා ඇඳේ එහෙමම දිගාවුණා. උදේටත් කාලා නැති රන්මල්ට තාමත් බඩගින්නක් දැණුනේ නෑ. අම්මා, අප්පච්චි, නංගි, මල්ලි මේ වෙලාවෙ මොනවා කරනවා ඇත්ද..? අප්පච්චිනම් සුපුරුදු විදිහට ලෙඩ මරගාතේ එළවලු කොරටුවේ නැහෙනවා ඇති. අම්ම ලිප්බොක්කේ දුම් ගහගහා මොනවාහරි දවල්ට කන්න තම්බනවා ඇති. නංගියි මල්ලියි මිදුල වටේ දුව දුව මොනවාහරි සෙල්ලමක් කරනවා ඇති. දෙන්නා එක්ක පොඩ්ඩ බැරි වෙනකොට රණ්ඩු වෙනකොට අම්මා බෙරිහන් දීලා කෑගහලා කැස්සත් හදා ගන්නවා ඇති. දැන් ඉස්කෝල නිවාඩු කාලෙනෙ.

නත්තල් නිවාඩුවට අයshd එන්නෙ නැද්ද කියලා අහලා අම්මා එව්ව ලියුම ඇතුලේ තිබ්බ නංගිගේ පොල් අකුරු වලින් පිරිච්ච පුංචි කඩදහි කෑල්ල මතකෙට ආව රන්මල්ගෙ බඩ පපුව පත්තුවෙලා ගියා. පොඩි උන්ට මොනවා තේරෙනවද.. උන් හිතන්නේ මං කැළණි ආවේ ඉගෙන ගන්න මාසයක් ගානෙ සල්ලි හම්බවෙන කොම්පැණියකට කියලා. මහපොළ කියන්නේ දෙන්නගේ තේරුම් %මාණයට කැම්පස් යනවට මට ලැබෙන ලොකු පඩියක්. බෝඩිං කුළී ගෙවලා, ඕනෙ කියන පොත් ටික අරන්, ලාවට බඩ ගින්දරට මොනවහරි බඩට දාගත්තම සොච්චම හැරෙන්නත් මදි බව දන්නෙ රන්මලුයි විශ්ව විදHdලෙa තමුන් එක්ක එකට ඉන්න අනෙක් සහෝදර සහෝදරියොයි විතරයි. දැන් කාලෙ යමක් කමක් තියෙන දෙමව්පියන්ගෙ දරුවොත් මහපොළ ගනිද්දි අපි වගේ දවස ගැට ගහ ගන්න දඟලන උදවියගේ වියපැහැදම් ගැන කුමන කතාද..?

රන්මල්ගේ හිතට රොෂාන්ගෙ යෝජනාව නැවත පැමිණියෙන් හීන් හිසේ ඇම්ම තව ටිකක් වැඩි වෙන්න පටන් ගත්තා. හෙට බණ්ඩාර ¾ගෙ %ධාන දේශනයකි. ඒක මග ඇරගත්තොත් වෙන්නේ පාඩුවකි. සමහරවිට රන්මල්ගේ කට්ටෙ පැණීම බණ්ඩාර සර්ට ඉව වැටෙන්නත් පුලුවන. එහෙම වුණොත් වෙන්නේ ලෙඩක්ය.
"මොකද කරන්නේ..............?"
රන්මල් ඇඳේ එහාට මෙහාට පෙරලුණේය. රොෂාන් වැඩ කරන සමාගමේ නත්තල්  මාසයේ පැවති %වර්ධන වැඩ සටහනකි. සම්පූර්ණ වැඩසටහනම සැළසුම් කොට මෙහෙයවා අවසන දිනුම් ඇදීමේ උත්සවයද ක්රියාත්මක කිරීමට පැවරී තිබුනේ ඔහුටය. වසර ගණනාවක් තිස්සේ සමාගම හා ලෙන්ගතුවරැඳී සිටි ගණුදෙණුකාරභවතුන් ඇගයීම පිණිස දියත් කොට තිබූ එය මහා දිනුම් ඇදීමේ කටයුත්තකි. කොළඹ තරුපහේ හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ එම උත්සවයේ නත්තල් සීයා විසින් දිනුම් ඇදීම සඳහා තේරීපත්වූවන්ගේ නම් සහිත තුණ්ඩු නත්තල් බෑගයේ හොවාගෙන අදාළ ස්ථානයටරැගෙන ආයුතුව තිබිණ. එහිදී නත්තල් සීයාගේ %වේශය හා අදාළ රඟදැක්වීම විනාඩි තිහක්වත් නැත. රන්මල්ගේ අගහිඟකම් මනාකොට දැන සිටි අඹයාලුවා රොෂාන් රන්මල් වෙත ගෙනාවේ කදිම යෝජනාවකි. "රන්මල්, උඹ මගෙන් සල්ලි ගන්නෙත් නෑ. ඕනෙ එපාකමක් මට ඇහුවට කියන්නෙත් නෑ. අඩුම තරමෙ මේ වැඩේවත් භාරගනින්. නත්තල් සීයාට ඇන්දම උඹව කාටවත් අඳුරන්න බෑ. මීඩියා වල ගියාට මොකෝ. අඩුගානේ මටවත් උඹ අඳුරගන්න බැරිවෙයි. රුපියල් විසිපන්දාහක් ගෙවනවා බං. මේක දන්නෙ උඹයි මායි විතරයි. ඔන්න මිස් කරන්න එපා මචං. හෙට උදේ wg කොල්ලුපිටියේ හෝටලේට වරෙන්. වරද්දන්න එහෙම එපා බං. ඔන්න මං වෙන එකෙක්ව ගන්නෙ නෑ.." රොෂාන්f. වචන රන්මල්ගේ දෙසවන දෝංකාර දුන්නේ හිසේ ඇම්ම තවත් වැඩිකරමිනි

රු:විසිපන්දාහක්..! අවුරුද්ද අන්තිමේ ගෙදර යනකොට අතපුරා තෑගි ගෙනියන්න පුලුවන්. අප්පච්චිගේ අසනීපෙට වෙද මහත්තයා නියම කරපු බෙහෙත් සේරම අරන් දෙන්නත් පුලුවන්. "ලොකු අයshd ආවම මට නත්තල් ගහක් හදලා දෙන්න. ගහ යට එහා ගෙදර ටිරෝන්ලා නත්තල් දවසට කරනවා වගේ අප්පච්චිටයි අම්මටයි මටයි පොඩි අයshටයි තියන්න තෑගිත් ගේන්න. ශිෂHත්වhටවත් තාම මුහුණ නොදුන් චූටි නංගිගේ ලියුම් කඩදහියේරැඳි පොල් අකුරු ඉන් ඔබ්බට විත් රන්මල්ගේ දෑස් අභියස නර්තන රටා මවන්නට විය. රන්මල් එකෙනෙහිම ඳෙන් නැගිට්ටේය. ඔහු තීරණයක් ගත්තේය. ඒසැණින් රොෂාන් ඇමතූ රන්මල් පසුවදා පැමිණීම ස්ථිර කොට බණ්ඩාර ¾ගෙ දේශනයට අසනීප නිවාඩුවක් දැමීමට හිතා ගත්තේ දෙවරක් නොසිතාය.

බෝඩිමේ ඇන්ටිගේ වතුරේ පාවෙන පරිප්පු පෙති සමඟ බත් කටක් ගිලදැමූ රන්මල් එකපාරට හිතට පැමිණි %බෝදයකින් ධම්මික සර් නියම කල dපෘති වා¾තාව නිම කිරීමට අදිටන් කලෙන් එක දිගට වැඩ කලේය. රාතs% ආහාරවේලවත් නොගත් ඔහු සියලු පාඩම් වැඩ නිමකොට කෙළින්ම ඇඳට වැටී නිදා ගත්තේ පසුවදා තමන් භාරගත් කාර්යය ටු කිරීමට උදෑසනින්ම නැගිට යාමේ අදහසිනි.

ජනතා සන්තක %වාහන සේවයේ තෙරපෙමින් කොල්ලුපිටියට පැමිණි රන්මල් අදාල තරුපහේ හෝටලය සොයාගොස් එහිදී ඔහුගේ ගජමිතුරු රොෂාන් මුණගැසුණේය. ක්ෂණික උණුසුම් වැලඳගැනීම ඔවුන් දෙදෙනාගේම දෑස්වලට කඳුලු ගෙනාවේ එකෙණෙහිම පාසැල් සමයේ ඔවුනගේ සියලු සොඳුරු මතකයන් සහ ඔවුන් දෙදෙනා එවකට එක්ව ලද ජීවිතයේ නැගීම් බැසීම් සිහියට නිසාවෙනි. පාසැලෙන් නික්ම ආදා පටන් ඔවුනොවුන් මුණ ගැසුණේ කාලතුරකින් වුවත් දුරකතනය සමාගමයට ලබා දී තිබුනේ අපූරු පිටිවහලකි. රොෂාන්ගේ කඩවසම් පෙනුම කවදත් රන්මල්ගේ සිත්ගත්තේය. මනාව මැදි කමිසයට කැපෙන කලිසමක් ඇඳ උන් ඔහු සමාගමේ පාටට අදාල ටයිපටිය කොළරය අතරින් බෙල්ල වටා යවා ලාවට හිරකොට දමා තිබුනේ සීරුවටය. සපත්තු වලට ගැලපෙන බෙල්ට් පටියකින් කලිසම රඳවා තිබූ ඔහුගේ පෙනුම පිරිමියෙකුගේ පෞරුෂත්වය මනාව විදහාලීය. රන්මල්ට රොෂාන් ගැන සතුටුය. හැමදාම එකම ඩෙනිම් කළිසමට දෙකකුල් සිරකරගත් රන්මල්ට හෝදලාම සායම් දියවී ගොස් තිබූ කපු කමිස කෑල්ල ඇඳ රබර් සෙරෙප්පු පැලඳ සිටි තමන්ගේම සේයාව මනසේ ඇඳුනෙන් හීන් අපහසුතාවක් නොදැනුනාම නොවේ. රොෂාන්ගේ සහෝදර සේවක පිරිස රන්මල්ව ඉතා සුහදශීලිව පිළිගත්තෝය. රොෂාන් එකිනෙකාට "මේ මගේ හොඳම යාලුවා රන්මල්. දැන් කැලණියෙ. ෆයිනල් ඉයර් එකේ. මාර්කටිං මැනේජ්මන්ට්.." යැයි පවසමින් මහත් අභිමානයෙන් තමන්ව හඳුන්වාදීමෙහි මිනිත්තු කිහිපයක් නිරතවූයේය. "එහෙනම් රන්මල්ටත් තියෙන්න ඩිග්රි එක ගත්තට පස්සෙ අපේ කොම්පැණියටම එන්නනෙ.." රොෂාන්ගේ සහෝදර Hෂ්ඨ අලෙවි කලමනාකාරිනි කාවHdගෙ සිනා පිරුණු කාරුණික වදන් රන්මල්ගේ සිත් ගත්තේය. රන්මල්ට විශ්ව විදHdලයේ සුහද හමුවේ නවක වදය සිහිවිණි. එකම රටක මිනිසුන් ඔවුනොවුන් දැන හඳුනා ගන්නට පවත්නා එකකට එකක් එහෙම්පිටින්ම වෙනස් වූ %මෝපායන් ගැන උදාසීන හැඟීමකින් ඔහුගේ සිත වැසීගියෙන් එකිණෙහිම රුක්ෂාන්ගේ හඬින් පියවි සිහියට පැමිණියේය.

අංගරචකයා ලඟට රන්මල්ව කැඳවාගෙන ගිය රොෂාන් අදාළ උපදෙස් ලබා දුන්නේ තත්පර කිහිපයක පමාවෙනි. විවේකාගාරයට කඩිනමින් රිංගූ රන්මල්, ලබාදුන් නත්තල් සීයාගේ ඇඳුමෙන් වහා සැරසී නැවත පැමිණ අංගරචකයා විසින් දැක්වූ පුටුවේ වාඩිවූයේය. සීරුවට සුදුරැවුල නිකටටත් නාසයට යට කොටස මතත් ඇලවූ අංගරචකයා විනාඩි කිහිපයකදී රන්මල්ව අතුරුදහන් කලෙන් ඉන්පසු දිස්වූයේ ඇන්ටාක්ටිකාවෙන් පැමිණියා වූ නියම නත්තල් සීයාකෙනෙකි. රන්මල් දුටු රොෂාන්g සිනහව නතරකරගත නොහී අඹයාලුවෝ දෙදෙනාම මහ හඬින් සිනාසීමට පටන් ගත්තේ පාසැල් කාලයේදී මෙනි.

අදාල කටයුතු වලට සියල්ල සූදානම්ය. රොෂාන් සේවය කල සමාගමේ සභාපතිතුමා, අලෙවි %ධානීන් සහ අනෙකුත් සේවක මණඩලයේ පිරිස එහිරැස් වී සිටියහ. කැමරා, ශබ්ද පරිපාලන යන්ත% හා ආලෝකකරණ සියල්ලද සූදානම්ය. සුන්දර තරුණියෝ පිරිසක් කැරෝල් ගායනාවලට ලක ලැහැස්තිව කොමල සිනා පෑවෝය. රන්මල්ට පැවරී තිබුණේ ඉහළමාලයේ සිට දිවුනු තරප්පු පෙළ ඔස්සේ  "හො...හො....හෝ............!" හඬ නඟමින් අතරැඳි සීනුව නාද කරමින් දිනුම් ඇදීමේ නාම තුණ්ඩුරැඳි මල්ල කරෙන්රැගෙන විත් දිනුම් ඇදීමේ  යන්ත%යට හුරුබුහුටි ලෙස දැමීමය. අතරතුර නත්තල් සීයාටම ආවේණික ඉරියව් කිහිපයකින් නැටීමය. සියලු උපදෙස් කළින්ම රොෂාන් විසින් රන්මල්ට ලබා දුන්නෙන් එහි කිසිදු ගැටලුවකට ඉඩක් නොතිබිණි. ඉදිරිපත් කරන්නිය ඉංගිරිසි බසින් දිනුම් ඇදීම ඇරඹුවාය. ඇය සියුමැලිය. ඇගේ සිනහව රන්මල්ට දිනෙක රුක්ෂාන් සමඟ නැරඹි හිංදි චිත%පටයක නිළියක සිහි ගැන්වීය. සැළසුම් කොට තිබූ පරිදි ඇගේ සියුම් විධානයෙන් රන්මල් "....හො....හො...හෝ...!"  හඬ නගමින් නටමින් ජයග%dහි නම් සඳහන් මල්ලරැගෙන දිනුම් ඇදීමේ පීඨිකාවට පිවිසියේය. පසුබිමරැව්දුන් නත්තල් කැරොල්වල තාලයට රන්මල් දිගටම රඟ දැක්වීමේ නිරත වූයේය.
පැමිණි සෑම මුහුණක්ම සතුටින් පිරී ඉතිරී ගොස් තිබුණි. අතීතයේ දිනෙක බණ්ඩාරනායකයේ විවිධ %සංගය වෙනුවෙන් රඟ දැක්වූ හුණුවටයේ කතාවේ රුක්ෂාන් හා රන්මල් ඉදිරිපත්කල,

 "යුද්දෙට මං ගියා............... ගෑණි ගෙදර තියා.......
  මගෙ යාලුවො මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු......."

ගීතය රස විඳි පාසැල් ළමෝ සතුටින් ඉපිල කොක්හඬලා සිනාසුණු අයුරු රන්මල්ගේ මනසේ අඳුණේ මේ දැන් සිදුවන්නාවූ සිද්ධියක් ලෙසිනි. රන්මල්ගේ සිත හීන් දුකකින් වැසුණි. නත්තල් S%තියෙන් ඉපිළෙන අවට දහසකුත් දෑස්වලට රන්මල්ගේ තෙත්වූ නෙත් හසු නොවිණි.
"කමක් නෑ..කාටවත් මව අඳුර ගන්න බෑනෙ. අනික රුපියල් විසිපන්දාහක් කොහෙන්ද මට මේ වෙලාවෙ හම්බවෙන්නෙ. සමහරවිට එක මනුස්සයෙකුගෙ මාසෙක පඩියක් මට විනාඩි තිහක වැඩකින්. අනික මේක පව් වැඩක් නෙමෙයිනෙ.."
රන්මල් හිත ඇතුලෙන් අඬා වැටුණු රන්මල්ගේම හිත විසින් මහත්වූ දයානුකම්පාවකින් යම් සැනසීමකට ලක් කරන ලදී..
වැඩ සටහන අවසානයේ ඡායාරූප කිහිපයකට නියමකල පරිදි පෙනී සිටි රන්මල් නත්තල් සීයා, සිය කා¾යාවසානයේ විවේකාගාරයට රිංගා නත්තල් ඇඟලුම් ලිහා සිය සුපුරුදු ඩෙනිමට හා සායම් ගිය කපු කමිසයට සිය සිරුර සීරුවට සිර කර ගත්තේය. සොම්නසින් රොෂාන්g සමුදුන් රන්මල් දම්පාට පිරිසිදු ලියුම් කවරයක බහා ලබාදුන් රුපියල් විසිපන්දාහේ චෙක්පත දෝතින්මරැගෙන සිය බෑගයෙහි රුවා බිම බලාගෙන හෝටල් පරිශ%යෙන් නික්මුණේය. " රොෂාන් වගේ මටත් තිබුනේ විභාගෙ ගත්ත ගමන් %යිවට් කොම්පැණියක වැඩට යන්නවත් දෝ.."යි රන්මල් තමන්ගෙන්ම පැනයක් නැඟීය. සරසවියේ දින ගණන් වසා තැබෙන උද්ඝෝෂණ Hdපාර මැද කාලය ගෙවෙන අතරේ බඩගින්නේ දුක් විඳිමින් අතේ සතේ නැතුව තාමත් අසරණ අප්ප්ච්චීට බරක්ව ගෙවී යන සිය තරුණ කාලය පිළිබඳ රන්මල්ට සියුම් වේදනාවක් දැණිනි. පෙරදා සිට පටන් ගත් හීන් හිසේ ඇම්ම තාමත් රන්මල් අත්හැර ගොස් තිබුණේ නැත.  චෙක්පත මාරුකොට එකෙනෙහිම වියදම් නොකිරීමට ඔහු සිතා ගත්තේ ලියුම් කඩදහියකින් ගැන ගෙදරට දන්වා යවා අවශH දේ පමණක් මිලදී ගෙන ඉතිරිය ගෙදර ගියදාට අම්මා අත මිට මොළවන අටියෙනි. ජීවිතය මහා පුදුම දෙයකි. සරසවි වරම් ලද දිනයේ රන්මල්ගේ පවුලේ සැමට පෙනුණේ සියපුතු මහා වාසනාවන්තෙයෙකු ලෙසටය. ‘එහෙම බැලුවම රොෂාන් එතකොට අවාසනාවන්ත වුණාද..?” රන්මල්ට මොහොතකට සිතුණේය. එය වාසනාවද ලැබීමද  එහෙම නැත්නම් වාසනාව, ලැබීම යනු සොබාදම් මාතාව විසින් එකිනෙකාගේ ශීර්ෂ කපාල තුළ රඳවා තබා ඇත්තාවූ මස්තිෂ්කය, රන් හා සමාන කාලයේ දක්ෂ ලෙස පොඟවමින් උත්සහවන්තව තමා විසින්ම තමා වෙත ලඟා කර ගත යුතු දෙයක් නොවේදැයි සිතමින් රන්මල් ජනතා සන්තකයක පාපුවරුවේ එල්ලුණේ කොටුවට ගොස් ගම්පහ නිට්ටඹුව බස් රථයකට ගොඩ වී පට්ටිය හංඳියෙන් බැස හිසේ රුදාව තවත් උත්සන්න වූයෙන් සුපුරුදු බෝඩිං කාමරයට වැදී ටිකක් නිදා ගත යුතු බව සිතමිනි.

- ගයනි දයාරත්න -

1 comment:

  1. ගයනී...
    පීඩිත සරසවි සිසුවෙකුගේ මනස සියුම් ලෙස විග්‍රහ කෙරෙන සංවේදී රචනාවක්. හරිම විචිත්‍රයි. මේ හා සමාන අත්දැකීම් ඇති මට එය තදින්ම දැනුනා. ඒත් මං බයෙන් හිටියෙ අර චෙක් එකයි බෑග් එකයි අන්තිම මොහොතෙ නැති කර ගනීදෝ කියලා. හප්පේ ඇති යාංතම්. එහෙම වුණා නම් මේක මගේ කතාවක්ම වෙන්න තිබුණා. මගේ සුබපැතුම් !

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.