~ දෙව්ලියකගේ ප්‍රේමය ~
නීල කුලුවන් දෑස් දෙබැම ද කොහොඹ පත් සේ
ලෙල දෙවන්නා
සේල සලුපිලි සුසිනිඳුව නිළි වැස්ස සේ
ගත ඇද හැලෙන්නා
කෑල ගස හැර මිහි බටව ගං දිය ලෙසේ මා වෙත අදෙන්නා
කෝල නොම වී ලඟ ඉඳන් සුදු නෙලුම සේ හස දෙන් සොඳින්නා
අයා මුදු කෝමල කොපුල් තල සරන් මා වත ලෙසින්
රිසිනා
පියා නෙතු දෑඟිලි වලින් මා දෑත ගෙන
හුරතලින් සොබනා
ගයා කන් පෙති අගට රහසේ ආල වීණා තත් වයන්නා
දයා දිය සිසිලස දෙවන වදනින් දැවටි
සියොලඟම තෙමනා
අමා පැන් රස සුරන් මිස අන් කවුරු
කෙලෙසක දෙතොල තබනා
කමා කල ඇගෙ සිත් කමල් සිව් බඹ විහන්
පතිරාව කරනා
පමාවක නැවතුමද මේ එන අනුහසින් පෙර කුසල් මවනා
සැමාසුර නෙක දෙව් සැපැත් මැද සිත් පුරා
දෙව්ලියක ලබනා
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.