විහඟ කැලන් මෙන් සිත් සේ ලොව සරන
අනඟ රැඟුම් පා මන හද කලඹවන
දිවග අතොර නැතුවම දම් පද ගලන
සුමග ගියෙද උන්, ඒ බණ වැදිගෙ බණ
ලොවම රිදී තිරයෙකි සිත්තර මවන
සැවොම හිඳී එහි නලු නිළි වී රඟන
දහම නදී ගැලුවත් නිල් කැට ලෙසින
පයම වදී මුත් කණ වී ඇත නයන
පිරුණ දසත වංචක ධර්මයන් මැද
සොයන රසය මරුගේ මායම නොවෙද
සෙවන සදන පස් බුදුවරු යටින් හිඳ
ගෙවන දිවිය සැපතෙකි සමවතට වැද
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.