නුගුණ දනන් හා දිවි අඳුරට වැටිලා
නොනිමි දුකෙන් යස වයසත් පහු කරලා
නූපන් කුසල් නොවඩා බදු බණ අහලා
අප්පිය සම්ප යෝගෝ දුක්ඛෝ කියලා
කිසි දෙය සදාතන නොවෙනා ලෝ තලයේ
බැඳි හැම බැඳුම් ම්රිඟුව සේ බොරු වීයේ
අල්ලා ගත්ත කිසි දේ නෑ ළඟ රැඳුයේ
නෑල්ලු දෙයත් නැත පෙනෙනට තිබුයේ
උපන්නේ තනිව ඇඳි වතකුත් නැතිව
ගෙවන්නේ පව්ය කෙලවරකුත් නැතිව
ඔතන්නේ තවත් කුණු අඩුවක් නැතිව
මැරෙන්නේ තනිව ළඟ කිසිවක් නැතිව
පෙනෙන්නට තිබෙන දෑ සැම නිෂ්ඵලය
පෙනෙන්නට නොමැති දෑ බෝ විස දළය
තවත් ඇලෙනු කිම මේ පුහු ලෝ තලය
නිබ්බිදාව පහල වීම රන් ඵලය
හිතට සහනයක් අද ලොව කොයි ඇත්ද
සතුට මුවාවෙන් එන්නෙත් දුක නොවෙද
මාරයාගේ මායම් පිරි ගිනි කන්ද
තුන් සරණයත් නැත්නම් අද අපි කොහෙද
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.