ඔහු;
නොදනිමි කොහොම ඉන්නද ඔබ නැතිව මෙමා
නොදනිමි මෙහෙම නොම වන්නට කරුණු කිමා
නොකෙලෙමි කිසිත් ඔබ නෙතු කඳුලැලින් තෙමා
වැළපෙමි සිතින් පල දෙනු පෙර පවුම තමා
ඈ;
ඉතිරිණි මහද සෙනෙහේ ඔබ ලඟ දැවටී
බැතියෙනි කැපවුණේ ඔය දෙපතුලේ වැටී
ඉහිරිණි මගේ සිතු පැතුමන් කැඩී ගැටී
හිමියනි නොපෙන්වන ආලය කාට වටී
ඔහු;
අන්ධයි දෑස දකිනට මා පුරුදු රුව
බිහිරියි සවන අසනට මා සිනා මුව
රුදුරුයි පහස කිසිදා නොලැබුවෙලු සුව
පැතුමයි දිවැස් ලබනට මේ මිනිස් දුව
ඈ;
පතනා මහා පැතුමන් කන්දකට වඩා
කියනා එකදු වදනනින් නිවෙනවා විඩා
නොමනා අහංකාරය ගෙන දෙකට කඩා
පුදනා කලට මට නොම වේ තැවෙනු අඬා
ඔහු;
එක් වදනක් නොවේ දහසක් දෙනු සරියා
ඒ හැම වදන් බොරුවට සරිලනු හැරියා
අවිස්වාසයේ දෙනෙතිය කර විරියා
ගලවා රන්රසේ වගෙ ඉන්නට බැරියා
ඈ;
කරනා කලට පව් මිහිරිය කීවා සේ
ලැබෙනා පලේ පහුවෙනකොට කොහොඹා සේ
උන්නානම් ඉතින් මා අමතකවූ සේ
ලිහනා එකයි දැන් මුල සිට අග එක සේ
ඔහු;
පටලන වෙලන අදියුරු ඔබ කලාවේ
අග මුල් හොයන මා නිති මං මුලාවේ
දෙහදම දුකින් හඬවන ඒ වෙලාවේ
හිටියොත් මොකද සතුටින් මල් තලාවේ
ඈ;
ඉන්නට පැතූවත් මං මල් තලාවේ
වතුරට පෙඟෙයි හැමදා වැහි වලාවේ
යන්නට හදන්නෙම හිමි පැණි ගුලාවේ
නැති මට ආලේ ලෝකෙට මල්සරාවේ
ඔහු;
සංසාරයේ
කල
පව්
මම
ගෙවී
ඉතින්
ඔබ මගෙ හද දකී මගෙ මරණයට මතින්
ගැරහුම් ඇනුම් කරබා විද එතෙක් නිතින්
හිනැහෙමි ලොවට හදවත සගවා දෙනෙතින්
එක් වදනක් නොවෙයි කොයි වදනත් සරිය
මගෙ හැම වදන් බොරුවට සරිලනු හරිය
අවිස්වාසයේ දෙනෙතිය කර විරිය
ගලවා ආදරෙන් ඉන්නට ඇයි බැරිය
නාරිමි මැණික කිසි දිනකත් නුඹේ අත
කිසිවෙක් නොඒ මා හදවත වෙත නැවත
කොයි කෙලවරක හිටියත් අප මේ දියත
ඔබ හදවතයි සුව අසපුව නිති මසිත
සංසාරයේ කල පව් හේදිලා ගිහින්
ඔබ මා දුරස් කරවන මේ කරුම විහින්
දුරුවෙන තුරා ඉවසාගෙන ඔබමැ රිසින්
හඩනෙමි රෑ දිවා නිති මා ඇතුලු හිතින්
වරදක් නොම කලෙමි මැණිකේ කියා වැද
ගිනියම් වදන් කරබා නෙතු පියා විද
ඔබ පාමුලට පෙරදා මා පැමිණි සද
පලවා හල මොහොතෙ මගෙ නැවතුනා හද
නුඹේ හිතේ මහමෙරටත් වඩා ඇතී..
මගේ හිතෙත් මහමෙරට වඩා අඩු නැතී
ඒ පෙම වසා කළ පෙර කරුම පල දෙතී..
අප පින් බලෙන් දෙව්ලොව ඉදිවනු නියති..
හැරයන්නෑ සැබැයි ඔබෙ සෙනෙහස පරම
පිලිගන්නා ලොබයි පෙර කරුමෙක තරම
හරියන්නෑ හැබැයි ඔය වෙසමුනි වරම
දැනගන්නා සුබයි ඔබ මගෙ දිවි අරම..
ඔබ මගෙ හද දකී මගෙ මරණයට මතින්
ගැරහුම් ඇනුම් කරබා විද එතෙක් නිතින්
හිනැහෙමි ලොවට හදවත සගවා දෙනෙතින්
එක් වදනක් නොවෙයි කොයි වදනත් සරිය
මගෙ හැම වදන් බොරුවට සරිලනු හරිය
අවිස්වාසයේ දෙනෙතිය කර විරිය
ගලවා ආදරෙන් ඉන්නට ඇයි බැරිය
නාරිමි මැණික කිසි දිනකත් නුඹේ අත
කිසිවෙක් නොඒ මා හදවත වෙත නැවත
කොයි කෙලවරක හිටියත් අප මේ දියත
ඔබ හදවතයි සුව අසපුව නිති මසිත
සංසාරයේ කල පව් හේදිලා ගිහින්
ඔබ මා දුරස් කරවන මේ කරුම විහින්
දුරුවෙන තුරා ඉවසාගෙන ඔබමැ රිසින්
හඩනෙමි රෑ දිවා නිති මා ඇතුලු හිතින්
වරදක් නොම කලෙමි මැණිකේ කියා වැද
ගිනියම් වදන් කරබා නෙතු පියා විද
ඔබ පාමුලට පෙරදා මා පැමිණි සද
පලවා හල මොහොතෙ මගෙ නැවතුනා හද
නුඹේ හිතේ මහමෙරටත් වඩා ඇතී..
මගේ හිතෙත් මහමෙරට වඩා අඩු නැතී
ඒ පෙම වසා කළ පෙර කරුම පල දෙතී..
අප පින් බලෙන් දෙව්ලොව ඉදිවනු නියති..
හැරයන්නෑ සැබැයි ඔබෙ සෙනෙහස පරම
පිලිගන්නා ලොබයි පෙර කරුමෙක තරම
හරියන්නෑ හැබැයි ඔය වෙසමුනි වරම
දැනගන්නා සුබයි ඔබ මගෙ දිවි අරම..
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.