Saturday, April 25, 2020

~ කට් රොල් මල් හා වැට්කොල් මල් ~


මල් ලියවැල් විජ්ජුලතා බිතු සිතුවම් ලෙසිනා
නිල් කට් රොල් දෑස් දෙබැම කොහොඹ පතේ හැඩෙනා
විල් නිලුපුල් පැහැයෙන් ගත දිලි කෝමල අඟනා
ඇල් නල‍රැල් හේ සුවදුන් සෙල් කුමරිය හඬනා

නෙත් පටලන් රහසේ දොඩමලුවීගෙන රිසින
සත් පවුරින් වට රජ දහනේ සෙනෙහෙන් උන්න
ලත් ඉසුරින් ඵල නැත ගිර පැන මියැදෙනු හැ‍ඟෙන
කිත් යසසින් පිරි ඈ පෙම්බර නිරිඳුන් කොතැන

ගල් පොකුණින් දිය කෙළියේ රිසි වූවා නොවෙද
ගල් අසුනේ හිඳ සිරි විඳිනට පැතුවා වෙද්ද
ගල් අරණේ ඈ හැර වැට්කොල් මල් හමුවීද
ගල් ගැසුනේ නෑවිත් සිහියෙන් ගිලිහිණි ද


No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.