Saturday, April 25, 2020

~ කවිකම හා සරසවි ~


ගුණ දම් රනින් නිමැවුමකිය දිවි මඟට
මනු දම් රකින් පණ මෙන් එන හෙට දිනට
පෙම් දම් පුදන් ආලය හඳුනන හදට
මිතු දම් මුදුන් මල් කඩෙකිය කවි ලොවට

තෙත හිත දුලන මනුසත වාසනාවන්
මුදු වත පිපෙන මඳහස වාසනාවන්
ගත සිත පිනන මී විත වාසනාවන්
සිරි කත වඩින කවිකම වාසනාවන්
 
රුසිරින් පිරි සසරින් බැඳී සරසවි කොමලඟනා
ගිගිරින් නද පුරමින් වීණාවෙන් සර වයනා
ගැඹරින් හද පතුලින් ආසිරි වරුසා හෙලනා
අදරින් කවි දරුවන් රකිමින් ලොව බබලවනා

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.