දිලි සඳ මඬල වැනි මුව
පෙම් අඹරෝරේ
තෙපලූ වදන් සිහි වන
විට ලය පෑරේ
මැදුරේ කොනේ රහසින්
බැඳී ශ්රුන්ගාරේ
මියැදෙමි
දුන් දුකට දිනකට සිය වාරේ
ඔබ තැබු තිලකෙ වියලී
යන පමාවට
එමි කිව් කුමරුවනි මට
දුක නාවාට
සිසිවන් වුවනෙ
දුටුවාදෝ ආවාට
මේ වන් විපත පවසනුවේ
මා කාට
සෝභා ලෙසින හිස
පැලැඳූ මල් කඩලා
ගෙලවට සැරසු කුසුමන්
මාලා බිඳලා
රූ සිරි පෙනෙන්නට ඇඳි
දිව සළු ඉරලා
මැකුවෙමි නළල තිලකය
තරහින් වෙව්ලා
උහුලනු නොහේ කී පෙම
අමතක මන්ද
මලවිගෙ නැති සුවක්
බුදු හිමි ළඟ ඇත්ද
සඳවන් රුසිරු නව දැලි
හේනක් වෙත්ද
මා කල වරද කිමදෝ
කුමරුනි නන්ද
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.