කලල් දියට තව මඩ අහුරක් මොටද..
විසල් පියුම වී පිපියන් මනනන්ද...
පතුල් සිදුරු කල කටු අකුලක ලන්ද..
ලකල් රුසිරු සෙව්වන්දිය වෙන් එමැද...
බනින දොඩන මුව අබියස සැලෙනවද..
සිඳින මඩින කල සුවඳයි සඳුන් කඳ...
ගරන ගරන කල මිණි මතුවෙනා සඳ..
රැඳෙන දලං පස් හා විසිවෙන නිබඳ...
අඳුර නසන දිය කුරුණිය යට මන්ද..
ගෙනැර තබන්නේ අටුවේ උඩ නොවෙද...
නිතර එපා කල ගල අරගෙන දෙවිඳ..
මැදුර කොනේ මුල් ගල කෙරවුවා වෙද...
ගලක් අතින් ගෙන එල්ලය ගන්න විට..
මඳක් සිතන් සුදුසුද නුඹෙ අත එයට...
උදක් දකින්නේ රොඩු අන් නෙත දිගට..
හුඟක් දැව තිබුණෙ සියැසේමයි බරට...
අපිම අපිව රවටන සිතිවිලි කන්දේ..
සැවොම විකල් වී කෙළෙසුන් මැද යුද්දේ...
වැයුම මොටද මං හරි මං හරි නාදේ..
බවුම වැඩුම නුවණයි නැති තැන සද්දේ...
හුස්ම බිඳෙන් බිඳ දැනි නොදැනීයේවා..
විසුම මේ මොහොතෙ සැමතුල පවතීවා...
ගොයුම දෙසූ සේ මෙත් කරුණා වේවා..
නිවුම කෙරේ හිස ගිනිගත් සේ වේවා...
This comment has been removed by the author.
ReplyDeleteඉතාම අනර්ඝයි ගයනි...
ReplyDeleteඔබේ මනකල් සිතුවිල් තව තවත් කවියට නගන්නට ශක්තිය ලැබේවා....🙏❤️🌺
Reply
Thank you for encouraging words 🤗🤗😊
ReplyDeleteMy all time favourite writer❤️ those words are amazing 😍
ReplyDeleteThis comment has been removed by the author.
DeleteGayanieMay 11, 2020 at 5:13 AM
ReplyDeleteThank you so much 😍