Friday, April 16, 2021

එඩි


සුදු ඉර සැළකිල්ලෙන් මඟ             පැනුමට

කොළ එළි දිගටම යන                අවසරයට

කහ පාටින් පෙර                       සූදානමකට

රතු නම් නැවතුම ඉඩ නෑ               ගමනට


නීතිය පුදබිම හෝ                      ඔෆිසියකට

ඕනෙම තැනකට මේ                  මුලු රටකට

එක එක තැන එක එක                 රීතියකට

හිඩැස නොමැත දමනෙමි එය   පොඩිකොට


රැජිණක වෙත සේවා කල               අඟනෝ

කෙදිනක හිස නැමුවේ            ළඟ බමුණෝ

සිරසක අගටම මානය                   පිරුණෝ

දැන දැක මුවඟට සිනා            නැගෙන්නෝ



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.