සල් සපු නා බැද්දේ තුරු හිස මුදුනින්
මල් වාරම් ගැයුමන් ගම් දෑල කොනින්
කල් දේරම් පිරුණේ සොඳ සුවඳ පැනින්
ගෑණු කොමල ලෙස කෝලිත්තන් පෑයෝ
වානු කෙළෙස ලය සෝකෙන් කෑ ගෑයෝ
නානු උලා ගත නා දෙව් ගුණ වැයියෝ
පේනු වුණෙමි බණ්ඩර දෙවි මගෙ මැයියෝ
සුවඳ බණ්ඩාර ගෙයි මැණිකේ වෙන්නයි
ඔකඳ වෙවී පෙම් අම සුව විඳ ගන්නයි
දෙහද එක්කාසුවෙන් දිවි එළි වෙන්නයි
සුරිඳ දෙව් හත් කට්ටු පිහිටක් වෙන්නයි
සැරද දිවිය කෙළවර නිවි සැනහෙන්නයි
නිබඳ නිබ්බිදාවම සිහි තැබ ගන්නයි
පැහැද තුන්තරා අදිටන් බෙල ගන්නයි
පැරද මාර සෙන් රුදු සසරින් යන්නයි
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.