නීල පැහැ මුදු සුමුදු වූ පිල් කළඹ විහිදා රඟ දෙවන්නා
සීල ගුණ ඇති කඳ සුරිඳු දෙවි ඇසුර ලබනා පින දරන්නා
කීල ඉඳු සේ නොසැලි නෙත් යුග සියුම් මානෙන් බැලුම් දෙන්නා
කෝල හැර උඩු අහස බල සකි පුරා හඳ සැම දේ දකින්නා
මොණර රණ සුරු විරු ලෙසින් නුඹ සෙමින් තාලෙන් පා තබන්නේ
මයුර වැනුමෙන් අනඟ රැඟුමින් නාරි හද බැඳලනු තනන්නේ
වපුර ලන ඔය ආල හැඟුමින් බෝම ලිය මන කලඹවන්නේ
පැතිර යුතු ආදරේනම් බෝසත්කමයි, ඔබ නැතිද දන්නේ
මවාපන් මිහි නොමැති තරමේ සෙනෙහෙ ආදරියගෙ හදේ
ඔතාපන් රන් සලු ලෙසින් නුඹෙ පියාපත් ඇගෙ මුදු බඳේ
දෙසාපන් මුලු සක්වලින් නුඹ තමයි මගෙ පණ රන් ලඳේ
කියාපන් මට සෙබඩ කැලකට බෙදූ පිල් ගැන රන් කඳේ
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.