Monday, April 27, 2020
~මැණික~
ඔබ මට රජෙකි රජ දහනෙකි දිවි අරණ..
අසෙනිය වැස්ස මෙනි මිහිලිය සරු කරන...
දිනකර අඹර දිලෙමින් උණුහුම ගෙනෙන..
මනුවෙස ගෙන වැඩිය දෙවිඳුනි මා රකින...
අසෙනිය වැස්ස මෙනි මිහිලිය සරු කරන...
දිනකර අඹර දිලෙමින් උණුහුම ගෙනෙන..
මනුවෙස ගෙන වැඩිය දෙවිඳුනි මා රකින...
~විදස්සනා~

විසල් පියුම වී පිපියන් මනනන්ද...
පතුල් සිදුරු කල කටු අකුලක ලන්ද..
ලකල් රුසිරු සෙව්වන්දිය වෙන් එමැද...
බනින දොඩන මුව අබියස සැලෙනවද..
සිඳින මඩින කල සුවඳයි සඳුන් කඳ...
ගරන ගරන කල මිණි මතුවෙනා සඳ..
රැඳෙන දලං පස් හා විසිවෙන නිබඳ...
අඳුර නසන දිය කුරුණිය යට මන්ද..
ගෙනැර තබන්නේ අටුවේ උඩ නොවෙද...
නිතර එපා කල ගල අරගෙන දෙවිඳ..
මැදුර කොනේ මුල් ගල කෙරවුවා වෙද...
ගලක් අතින් ගෙන එල්ලය ගන්න විට..
මඳක් සිතන් සුදුසුද නුඹෙ අත එයට...
උදක් දකින්නේ රොඩු අන් නෙත දිගට..
හුඟක් දැව තිබුණෙ සියැසේමයි බරට...
අපිම අපිව රවටන සිතිවිලි කන්දේ..
සැවොම විකල් වී කෙළෙසුන් මැද යුද්දේ...
වැයුම මොටද මං හරි මං හරි නාදේ..
බවුම වැඩුම නුවණයි නැති තැන සද්දේ...
හුස්ම බිඳෙන් බිඳ දැනි නොදැනීයේවා..
විසුම මේ මොහොතෙ සැමතුල පවතීවා...
ගොයුම දෙසූ සේ මෙත් කරුණා වේවා..
නිවුම කෙරේ හිස ගිනිගත් සේ වේවා...
Subscribe to:
Posts (Atom)