යන එන නැවත යන ආයෙත් එන ඇයට
වදවෙන නිතර සිත සිත දුක් වෙන ඇයට
කන බොන දේ හදා ලං කර දෙන ඇයට
නොපෙනෙන දෙවි බඹුන් දෙන් රැකවර ඇයට
කරමින නිගා සුලුකම් පාගන ලොවක
උහුලන සියල් කරදර පෙරදා දිනෙක
තනිවුණ සිරව දිවි මග කටයුතු ගොඩක
කිවමැන කෙලෙස රැක්කෙද නුඹ දියණියෙක
දුවෙකුට මවක මිස කිව්වත් ලොව කවුරූ
මවකට පවා ඉසි කෝ මං දෙන බහුරූ
සෙනඟට මුවා වී ගෙන උන් නෑ රුපු රූ
මතකෙට එන්නෙ ඈ නොම වූ හැටි වියරූ
වැහුණා අනුන්ගේ දොර මට රුදු ලෙසට
ඇරුණා ඒ දොරම අන් මවකගෙ දුවට
ඇදුණා මගේ පා නුඹගේ දොරකඩට
වැටුණා කඳුලු නුඹ ගෙයි දොර ඇරි කලට
දියණිය ලෙසින නෑ ලැබ ඔබ හව්හරණ
තරුණිය විලස නෑ විඳ ආදර කරුණ
පැමිණිය සියලු දුක් කරදර දිවි අරණ
ගැහැණිය නුඹයි ඒ මැද සෙනෙහස සරණ
අම්මාවරුන් දැක ඇත්තෙමි අනෙක විද
නිම්මා නොමැත දරු පෙම ඒ සැමගෙ හද
සම්මා සතින් ඉඳ අප අත් නොහළ ලඳ
අම්මා නුඹයි රැජිණිය සැම මවුන් මැද
දැනුණට දුකක් මං හින්දා යම් දිනෙක
දෙනවට සමාවක් මට ලෙස දෙව් ලියෙක
යනවට අපිව හැරදා නුඹ යම් දිනෙක
හනිකට බුදු වෙයන් ඉන් පෙර බෝ මුලෙක
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.