පැටලුනි මනස මට දැනි වේදනාවේ
දෙවියනි කොහෙද හිටියේ ඒ වෙලාවේ
ගිනි මෙනි සිහි නැගී වැටි මං මුලාවේ
හිමියනි කමා වෙනු මං පව් කලාවේ
සිතුවේ සෙනෙහසින් දිවි පුරවන්ට
පිරුවේ පෙරුම් මතු සසරෙත් හමුවන්ට
පැතුවේ පාමුලේ උවටැන් කර ඉන්ට
කෙරුවේ මහ පවකි බෑ හිත වාවන්ට
ගොත ගොත ඇයි මුසා නිස්කාරණේට
තව වැඩි උනොත් මගෙ මග නරකාදියට
ඇති මට මේ දුකම සසරේ උහුලන්ට
වැඳ වැටි කියමි මේ දුක නොම දෙන් හෙටට
හෙට ලස්සන දවසක් වේවි.... නිතැතින්ම...😇😇
ReplyDelete❤
Delete