Saturday, August 14, 2021

මුතු ඇටය

කෝවිදයා ඇවිත් කල හදි               රෑණ මැද

පුද්ගලයා තවත් ඉසි වෙර          පොඳිම බැඳ

අසරණයා සිටිත් මුල්ලෙක            සයින් වැද

බුදු බණයා ඇසෙත්! බිහිරට       වැඩක් වෙද


ගැටලුව තම නොවන තෙක් පිළිතුරු   එමටයි

පැටලුව සියලු දේ ලෝ දහමට               උරුමයි 

පැවසුව හැකිය බෝ දේ එනමුදු           නිහඬයි

නොබිනුව හොඳයි සැඟවී ඇති දෑ බොහොමයි


මුදලේ වරුණ ගැන පුරසාරම්                මොටද

ඇඟ ලේ හුස්ම වගෙ එහි මොන       බලයක්ද

මතුලේ නිරතුරුම ජයකණු      ගැන  නොවෙද

මෙකලේ විඳින එකලේ කල              කම් නේද