ගහක් යට සුවක් දෙත
දිවුල් පල ගොඩක් වෙත
මගේ කිව් කෙනෙක් නැත
කැලේ මැද වැඩී ඇත
හිරිවැටි සීතල වග නෑ බත සරි කර ලහි ලහියේ...
කන්පෙති වැසෙනා සේ හිස රැඳුනු සේල පටියේ
ඉහිරුණු මල් රටා පමණි නුඹෙ දුක දැන හිටියේ..
හැරදා තනිකරදා හිමි නික්මෙන එක දිනෙක
වෙරදා නෙත නොතෙමා නිදි නෑ නුඹ හැම රැයෙක...
වරදා නැත කරලා අවිහිංසක පතිනියෙක
පරදා දිනුවෙද පිය අද සිටින කඳුලු වළෙක..
පාසැල නිම වී ගෙන මම දුවන් එන්නෙ ගෙදරයි
සාලෙට පයලූ විගසින් දුටුවෙ ඔබේ රුවමයි...
නිරන්තරේ නුඹේ පයට පෑගෙන රෙදි මැසිමයි
ජීවිතයේ බර හෑල්ලු කරපු සේල වියුමයි..
පැළ ඉන්නට නුඹ රිදවූ සොහොයුරු ලෙඩ හන්දා
රැක ගන්නට යැව්වේ සිය දියණිය මෙත් කැන්දා...
පෑරූ අයගේ දරු ගැන සෙනෙහෙ දරන හින්දා
දෙවියන් මිහිපිට දැක මං හිතින් නුඹට වැන්දා..
අනිත් මවුන් මෙන් නුඹටද පැතුම් තියෙන්නැතී
එහෙව් හීන සිඳි බිඳි දා හිතින් හඬන්නැතී...
හැම දුක්ගිනි මහමෙර සේ දරා ගන්න ඇතී
මට රහසින් මං ගැන හිත හූල්ලන්න ඇතී..
නුඹේ කඳුලු පිසගෙන අද මං නැගිටින දවසේ
පින පලදෙන් ඉන්නට හස නගලා දිවි සුවසේ...
පාද දුබල නිසා එදා වින්ද දුකට වෙහෙසේ
කෙදිනද හිනැහෙන සතුටින් අම්මා අපෙ නිවසේ..
මග පාදා පෙරටුව අඹු දරු දෙකට...
යකුන් දුරැර දිය පාදා පිපාසෙට
සාත්තු නායක දිවි කතරේ ගැලට..
තීන්දුව නිසා හිත්පිත් නැති තැනක
ආණ්ඩුව නොපිට පෙරළී විනාසෙක
මනාපයේ තරගය පැරදුණු දිනෙක
හැරී වරෙන් දෙව්මව් ඇති දොර ලඟක
උඩඟුකමින් ලැබෙනා දෙය නැති හින්දා
පවිටු දමේ කයි කාරණ බොරු හින්දා
නොමඟ යවන වෙස් බැන්දෝ අත හැරදා
දැන්වත් තැවී හැරියන් පැය මදි හින්දා
දුප්පත්කම පොහොසත් කම කිම වෙනස
හැබෑ ධනය වත්කම, රැඳි හද පියස
සමාව පිරි මෙත් කුවෙරිය රැඳි නිවස
කාලය ඉඳින් නෑ එනු නොම වී කුකුස