Saturday, December 26, 2020

💎

හැරිය හුස්මත් ගන්නාවු හුස්මත්

අතර නිමේශය හරි පුදුම රහසක්

නාස් පුඩු අග සීතල ඔබම දැයි

නොදනිමී...


ගෙවුණ හෝ පැමිණෙන හෝරා නොවේ

ගෙවෙන මේ මොහොතේ හිඳිමු ලංවී

බියක් නොම දැනේ ඔය උණුහුමේ

සැනහෙමී..


සැලෙන හද නිවෙනා පපුතුරෙහී

දැනෙන ජිවය විශ්වීයයි එක්වී

යමක් කොඳුරනා හඬ ලඟ ඇසේ 

විඳගමී..